20.7 C
Sri Lanka
Friday, January 24, 2025

මහ කන්නයේ වී මිලදී ගන්න රජය සූදානම්

මහ කන්නයේ වී මිලදී ගැනීම් ජනවාරි තුන් වැනි සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය  පවසයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද සඳහන් කළේ මෙට්‍රික් ටොන් ලක්ෂ  තුනකට වඩා වැඩි  ප්‍රමාණයක් රජය විසින්  මිලදී ගනු ලබන බවයි.

ඒ සඳහා වී අලෙවි මණ්ඩලය සතුව බහුතික ප්‍රතිපාදන පවතින බවද සඳහන් කරන අතර ඉක්මනින් ඊට අදාළ මුදල් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකර ගැනීමට නියමිත බවද පවසා ඇත.

මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර වෙළෙඳ පොළ තුළ සහල් හිඟවූ අවස්ථාවේදී පමණක් ඒවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත.

(චම්ලි මදුහංස)

More news>>>

Latest Articles