20 C
Sri Lanka
Friday, January 24, 2025

11 ශ්‍රේණි ප්‍රශ්නපත්‍ර පිටවීමේ සිද්ධියක් උතුරු මැද පළාතෙන්

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇත.

මේ හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල අද (06) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට තීරණය කර තිබේ.

උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන පැවැසුවේ අද උදෑසන වනවිට කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නවත්වා දැමූ බව ය.

ඔහු පෙන්වා දුන්නේ මෙම වරදට ගුරුවරුන් සම්බන්ධනම් ඔවුන් වැඩ තහනමකට ලක්කිරීමට හෝ අනිවාර්ය නිවාඩු ලැබීමට කටයුතු කරන බව ය.

ඊට සමගාමීව විභාගය තාවකාලිකව අත්හිටුවා, වෙනත් ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව ද  ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

අනුරාධපුර මුලස්ථාන පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඉදිරි පරීක්ෂණ සිදු කෙරෙයි.

(චම්ලි මධූහංස)

More news>>>

Latest Articles