2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා රජයෙන් ලබාදුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.
ඔහු පෙන්වා දුන්නේ පසුගිය කාලයේ ඉඩම් බෙදා දීම සම්බන්ධයෙන් හා ඉඩම් පවරා ඇති ආකාරය සම්බන්ධයෙන් විශාල ගැටලු පවතින බව ය.
විමර්ශනයෙන් අනතුරුව අදාළ ඉඩම් බෙදාදීම්වල සිදුව ඇති අක්‍රමිකතා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
(නායක බණ්ඩාර)