විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සැකසූ පරිදි ඩිජිටල්කරණ පද්ධිය අද (06) සිට ක්‍රියාත්මක කරයි.
ඊට අදාළ වෙබ් අඩවිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේර්ත අතින් අද විවෘත විය.
ඒ ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු ඩිජිටල්කරණ වැඩටසටහහේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ය.
ඒ අනුව තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ඇති අතර ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක වීමට නියමිතය.
(චම්ලි මදුහංස)