රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඈවර කිරීමට තීරණය කර තිබුණු ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය තීරණය කරයි.
කඳාන පිහිටි මෙම ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (04) එහි වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වී ඇත.
එහි දී අමාත්‍යවරයා අදාළ සියලු නිළධාරීන් සමග සාකච්ඡා කර අතර, ජාතික වටිනාකමක් ඇති මෙම ත්‍රීපෝෂ නිෂ්පාදන ආයතනය පැවැති රජයන් විධිමත් සහ ඉලක්කගත වැඩපිළිවෙලක් යටතේ පවත්වාගෙන නොගිය බවත්, එම තත්ත්වය වෙනස් කර නැවත එය ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපයන සක්‍රීය ආයතනයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කළයුතු බවත් පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ 2023 මුල්‍ය වර්ෂයේ ලැබූ ලාභාංශවලින් රුපියල් මිලියන 11ක මුදලක් මෙහි දී මුදල් සැළසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත ප්‍රදානය කර ඇත.
(ජනක බලල්ල)