අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් රංජිත් ආරියරත්න සඳහන් කළේ සෑම පුද්ගලයකුටම නිවසක හිමිකම ලබාදීම එහි අරමුණ බව ය.
ජන හා නිවාස සංගණනයේ ද දත්ත පදනම් කරගනිමින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කරන බව, ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(ජනක බලල්ල)