19.3 C
Sri Lanka
Friday, January 24, 2025

රාජ්‍ය සේවයේ නිවාඩු ලබාදීම් ගැන විශේෂ දැනුම්දීමක්

විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

අදාළ නිවාඩු අනුමත කිරීමේ දී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කරනු ලැබ තිබේ.

2022 වසරේ ජුනි මස 22 වැනි දා නිකුත් කර තිබෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වැටුප් රහිත නිවාඩු ලබාදීමේ දී සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීම සඳහා එම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් වසර 05ක් සඳහා දේශීය නිවාඩු ලබාගෙන එම නිවාඩු අවලංගු කිරීමකින් තොරව විදේශ නිවාඩු අයදුම් කිරීමේ සිදුවීම් ද වාර්තා වන බැවින් ඒ පිළිබඳව නිවාඩු අනුමත කිරීමට පෙර සලකාබලන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇතියි සඳහන් වෙයි.

විදේශ නිවාඩු අයදුම්පත් යොමු කිරීමේ දී නිලධාරීන් විසින් මීට පෙර ලබා දෙන ලද දේශීය හා විදේශීය නිවාඩු පරීක්ෂා කර, ආවරණ ලිපිවල ඒ පිළිබඳ පැහැදිලිව සටහන් කළ යුතු බව අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී ඇත.

More news>>>

Latest Articles