ජනාධිපති අනුර කුමාර දිසානයක සහ නීතිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (06) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
එහි දී ඉකුත් පාලන සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, අපරාධ නඩු පවත්වාගෙන යෑමේ දී සිදුවන අපහසුතා පිළිබඳ මෙහිදී අවධානයට ලක්කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.
(ජනක බලල්ල)