20.7 C
Sri Lanka
Friday, January 24, 2025

පර්පෙචුවල් ට්‍රෙසරීස් ක්‍රියාකාරකම් තවත් මාස 6කට අත්හිටුවයි

පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව අද (5) පස්වරුවේ මාධ්‍ය වෙන නිවේදනයක් යොමුකරමින් මේ බව දන්වා සිටියේ ය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය 2025 ජනවාරි මස 05වැනි දා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6කින් දීර්ඝ කර ඇත.

හිටපු මහබැංකු අධිපතිවරයකු වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලොසියස්ට අයත් බව කියන මෙම සමාගමේ කටුයුතු 2018 වසරේ සිටම මාස 6න් 6ට අත්හිටුවීම දීර්ඝ කෙරෙමින් පැවැතීම විශේෂත්වයකි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles