සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් පන්දුවාර 42 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 178 ක් පමණකි.
පන්දුවට පහරදීමේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක්, ජනිත් ලියනගේ ලකුණු 36 ක් හා වනිඳු හසරංග ලකුණු 35 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී නවසීලන්ත කණ්ඩායායම වෙනුවෙන් Matt Henry කඩලු 4 ක් බිඳ දැමීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම 26 වන පන්දුවාරයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
පන්දුවට පහරදීමේ දී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Will Young නොදැවී ලකුණු 90 ක් ලබා ගෙන තිබුණි.
(මානෙල් රත්නායක)