20 C
Sri Lanka
Friday, January 24, 2025

ICC Test Would Cup අවසන් මහා තරගයට ඕස්ට්‍රේලියාව සුුසුකම් ලබයි

2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (05) සමත්විය.

ඒ, දකුණු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් වූ පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමෙන් පසුව ය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 185ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 181ක් පමණි.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 157කට සීමා වූ අතර, ඒ අවසරයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 162ක පහසු ඉලක්කයක් ලැබී තිබුණි.

කඩුලු 4ක් පමණක් පරිත්‍යාග තර එම පහසු ඉලක්කය පසුකර යෑමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද හැකි විය.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles