අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට (06) ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා ඩොලර් ශත 8.26ක් පමණ ගෙවීමට රනිල් වික්‍රමසිංහ ප්‍රධාන රජය එකඟ වී තිබුණු අතර, එම එකඟතාවය යළි සලකා බැලීම සඳහා මෙම කමිටුව පත්කරන බව වාර්තාට වාර්තා වෙයි.
(ජනක බලල්ල)