මිල අඩු සහ ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් බෝතලයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ අවධානය යොමුව තිබේ.
දැනට රට තුළ සිදුවන නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීමට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, ලංකා සීනි සමාගමේ ප්‍රධාන අතුරුඑලය වන එතනෝල් යොදාගනිමින් මෙම ප්‍රමිතියෙන් උසස් මිල අඩු මත්පැන් බෝතලය නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳ මෙහි දී අවධානය යොමු කර ඇත.
ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට අද(03) එක්වූ අමාත්‍යවරයා මේ පිළිබඳ සොයා බලා ඇත.
මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් අවධානය යොමු කර ඇත්තේ අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳව ය.
අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චාරිකාවේ දී සීනි කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමට පිළිබඳව ද සොයා බලා ඇත.
තවද, සීනි නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමට මෙන්ම, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර ඇත.
එමෙන්ම, ගොවීන්ට ජලය ලබා ගැනීමේ දී සිදුවන අපහසුතා අවම කිරීම සඳහා ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එක්ව කඩිනමින් පියවර ගැනීම පිළිබඳවත් මෙම නිරීක්ෂණ චාරිකාවේ දී අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.
;;;;;;;;;;;;;;
කාබනික සීනි නිෂ්පාදනය කිරීමේ සැලසුමක්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා නිරීක්ෂණයට එක් වුණා.
එහිදී මෙම කර්මාන්තශාලාවල මේ වනවිටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් Eco Tourism ප්‍රවර්ධනය කිරීමටත්
පිළිබඳ අමාත්‍යවරයා විසින් සොයා බලන ලදි.
කාබනික පොහොර හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කාබනික සීනි නිෂ්පාදනය කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
තවද සීනි නිෂ්පාදනය බෙදාහැරීම සඳහා ක්‍රමවත් බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත් සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කාර්ය දර්ශක සකස් කිරීමටත් මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබුණෘ.
එමෙන්ම ගොවීන්ට ජලය ලබා ගැනීමේදි සිදුවන අපහසුතා අවම කිරීම සඳහා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එක්ව කඩිනමින් පියවර ගැනීම පිළිබඳවත් මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.
(ජනක බලල්ල)