මියන්මාරයේ සිට බෝට්ටුවකින් මෙරට සාගර කලාපයට ඇතුළුව සිටියදී නාවික හමුදාව විසින් බේරාගනු ලැබූ මියන්මාර ජාතිකයන් 103 දෙනා රටින් පිටුවහල් නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.
ඔහු අද (04) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ යුද්ධ බියෙන් ජීවිත බේරාගැනීමට එරටින් පැන යන මෙම පිරිස අපේක්ෂා කරන්නේ සුරක්ෂිත රටක දේශපාලන රැකවරණය බව ය.
ඉකුත් දෙසැම්බර් 19 වැනි දා මුලතිව් වෙරළ තීරයට නීති විරෝධිව ඇතුළු වූ මෙම පිරිස රැගත් බෝට්ටුව මේ වනවිට නාවික හමුදා කඳවුරක රැකවරණය ලබා දී අරවාගෙන ඇත.
මෙලෙස පැමිණ සිටින පිරිස අතර තරුණ පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් ද සිටින බව රජය මින් පෙර නිවේදනය කර තිබුණි.
කෙසේ වෙතත් මහජන ආරක්අෂාව හා පාර්ලිමේන්තු කටයුතු විෂය භාර අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මෙම පිරිස ආපහු මියන්මාරයටම හරවා යවන බවත්, ඔවුන්ගේ නම් ලැයිස්තුව එරටට දන්වා ඇති බවත්, පවසන මුජබර් රහුමාන් පෙන්වා දෙන්නේ ඔවුන් එසේ ආපසු යැවීම ඔවුන්ගේ ජීවිත අවධානමේ හෙළීමක් ලෙස ය.
එම නිසා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී මෙරටම රඳවා තබා ගන්නා ලෙස මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
කෙසේ වෙතත් BBC පුවත් සේවය වාර්තා කර තිබුණේ මියන්මාර හමුදාවේ ඉලක්කය රෝහින්ග්‍යා කැරලිකරුවන් පමණක් වන අතර, සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට නැගෙන චෝදනා බැහැර කරන බව ය.
(ජනක බලල්ල)