20 C
Sri Lanka
Friday, January 24, 2025

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් චන්දන වික්‍රමසිංහ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජනරාල් චන්දන වික්‍රමසිංහ පත්කර තිබේ.

යුද්ධ හමුදා ධූරාවලියේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර මෙය වන අතර, නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා අද යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධුරයේ වැඩ ආරම්භ කර ඇත.

යුද්ධ හමුදාවේ 45 වැනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන මේජර් ජනරාල් චන්දන වික්‍රමසිංහ, ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙකි.

මාතලේ විජය විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු 1989 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වී ඇත.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles