20 C
Sri Lanka
Friday, January 24, 2025

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000ක් ජනවාරියේ ලබා දෙනවා

මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර සියල්ලම මාසයක් තුළ මුද්‍රණය කර නිකුත් කරන බව බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසයි.

එලෙස මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ක් පමණ ජනවාරි මාසය තුළ නිකුත් කිරීමට නියමිත ය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ආයතන තුළ මේ වනවිටත් ක්‍රියාත්මක වන තාක්ෂණික ක්‍රමවේදයන් වෙනුවට, වඩාත් කාර්යක්ෂම සහ නවීන ක්‍රමවේදයන් යොදා ගනිමින්, මෙම ආයතනය වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ලබා දෙන රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles