සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනය කරයි.
පසුගිය දෙසැම්බර් මස 30 වැනි දා එම වෙබ් අඩවියට මෙම සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර, ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ්අඩවිය හා අනෙකුත් සමාජ මාධ්‍ය ගිණුම් ද එදිනම පරිපාලනයෙන් ගිලිහී ගොස් තිබුණි.
කෙසේ වෙතත් අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.
(ජනක බලල්ල)