20 C
Sri Lanka
Friday, January 24, 2025

එජාප මහලේකම් පුටුවට තලතා අතුකෝරාල

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ පත්කර ඇත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එම පත්කිරීම සිදු කරනු ලැබ තිබේ.

පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර විසින් එම තනතුර දැරූවත් අවසාන කාලය වනවිට ඔහු එම තනතුරෙහි කටයුතු කළේ නැත.

තලතා අතුකෝරළ සමගි ජන බලවේගයේ සිට පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ දී සජිත් ප්‍රේමදාස විවේචනය කරමින් නැවත රනිල් වික්‍රමසිංහ සමග එක්විය.

ඇය එජාප හිටපු මහලේකම්වරයකු වන දිවංගත ගාමිණි අතුකෝරාලගේ නැගණිය ද වෙයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles