ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා රජය අද (03) සිට ටෙන්ඩර් විවෘත කරයි.
අදියර 02 ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000 ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000 ක් ආනයනය කරන බව ය.
මෙහි දී පළමු අදියර යටතේ ලුණු මෙට්‍රික්ටොන් 20,000 ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් විවෘත කෙරෙයි.
මෙලෙස ආනයනය කෙරෙන ලුණු සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා ලබා නොදෙන අතර, කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා පමණක් භාවිත කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි.
(නායක බණ්ඩාර)