20 C
Sri Lanka
Friday, January 24, 2025

සිරකරුවෝ එකම දම්වැලක මාංචු දමා රැගෙන යෑම ගැන කොළඹ අධිකරණයෙන් නියෝගයක්

සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන බන්ධනාගාර අධිකාරියට නියෝග කර ඇතැයි වාර්තා වෙයි.  

දිග යකඩ දම්වැලක මාංචු දමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇතැයි සඳහන් වෙයි.

මේ දිනවල පවතින්නේ අධිකරණයේ නිවාඩු කාලය බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ 9ක නඩු සියල්ල අංක 3 මැදිරියේ කැඳවන අතර, රිමාන්ඩ් දීර්ඝය සඳහා ඉදිරිපත් කෙරෙන සැකකරුවන් හතළිහක් පමණ එක  දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබෙන දුටු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.

මහේස්ත්‍රාත්වරයා විසින්  බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දෙනු ලැබ  ඇත්තේ සැකකරුවන් මනුෂ්‍යයන් මෙන් සැලකිය යුතු අතර, මින් ඉදිරියට සතුන් සේ නොසලකාසිටින ලෙස ය.  

(ජනක බලල්ල)

More news>>>

Latest Articles