20 C
Sri Lanka
Friday, January 24, 2025

අමුතු නලා – වර්ණ බල්බ සවිකළ වාහනවලට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට උපදෙස්

වාහනවල සවි කර ඇති උපකරණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අනවශ්‍ය වර්ණ බල්බ, නාද රටා ඇති නලා ඇතුළු නීතියෙන් තහනම්, වාහනවලට අළුතින් සවිකර ඇති උපාංග සම්බන්ධයෙන් මෙලෙස නීතිය ක්‍රියාත්මක කෙරේ.  

ඒ සම්බන්ධයෙන් වන වාහන පරික්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles