අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ රුපියල් 6,000 දීමනාව මේ වනවිට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව සිසුන් මිලියන 1.1 වැඩි පිරිසකට එම ප්‍රතිලාභය ලැබුණු බවත්, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අමතරව තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් පිරිසකට ද මෙම දීමනාව ලබාදීමට රජය තීරණය කර ඇති බවත්, නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවැසීය.
(මානෙල් රත්නායක)