වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය පවසයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් තෝරාගත් වකුගඩු රෝගීන් 47,244 ක් මේ වනවිට දීමනාවට යටත්වන අතර, වකුගඩු රෝගී දීමනාව අතිහිටුවා ඇතැයි කෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
(නායක බණ්ඩාර)