ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 ට සියලුම දෙනාට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කෙරේ
පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසයි.
ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දෙන ලද තීන්දුව පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇත.
පසුගියදා මේ සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව ලබාදෙමින් විනිසුරු මඬුල්ල විභාග කොමසාරිස්වරයාට නියෝග කළේ, විශේෂඥ කමිටුව විසින් කලින් ඉදිරිපත් කරන ලද නිර්දේශය තුන අතුරින් වඩාත් සුදුසුම නිර්දේශය තෝරාගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ලෙස ය.
(ජනක බලල්ල)