20 C
Sri Lanka
Friday, January 24, 2025

රජය ආනයනය කළ සහල් අද සිට බෙදාහැරේ

රජය ඇණවුම් කළ සහල් තොග ලක් සතොස හා සමූපකාර හරහා බෙදාහැරීම අද (01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ ‍මෙතෙක් ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය මේ වනවිට දිවයිනට ලැබී ඇති බව ය.  

සහල් මෙට්‍රික්ටොන් 20,000 ක් ලක් සතොස හරහා අලෙවි කරන බවත්, තවත් සහල් මෙට්‍රික්ටොන් 26,000 ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles