2025 වසරට අදාළ අයවැය වාර්තාව පෙබරවාරි 17 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ විශ්වාසනීය ආරංචිමාර්ග පවසයි.
අයවැය විවාදය පෙබරවාරි මස 18වැනි දා සිට මාර්තු 21වැනි දා දක්වා දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය වී තිබේ.
පෙබරවාරි 18 වැනි දා සිට පෙබරවාරි 25 වැනි දා දක්වා දින 07 ක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමටත්, 25 වැනි දා පස්වරු 6.00 ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.
එමෙන්ම, අයවැය තෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 27 වැනි දා සිට මාර්තු 21 වැනි දා දක්වා සෙනසුරාදා දින 04ක් ද ඇතුළුව පැවැත්වෙන අතර, මාර්තු 21 වැනි දා පස්වරුවේ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව ඇත.
(ජනක බලල්ල)