ශ්‍රී ලංකා රේගුව විසින් 2024 වසරේ දී රුපියල් ට්‍රිලියන 1.5 ක් ඉක්මවූ ආදායමක් වාර්තා කරනු ලැබ ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ රුපියල් ට්‍රිලියන 1.515 ක ආදායමක් 2024 වසරේ වාර්තා කර ඇති බව ය.
රජය විසින් 2024 වසර සඳහා ලබා දෙන ලද රුපියල් ට්‍රිලියන 1.533 ක ඉලක්කය ආසන්නයට පැමිණිම ජයග්‍රහණයක් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
(නායක බණ්ඩාර)