20 C
Sri Lanka
Friday, January 24, 2025

නව වසරට භූමිතෙල් මිල රු.5කින් අඩු කරලා

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කිරීමට රජය තීරණය කරයි.

මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙම මිල අඩුවීම සිදුකර ඇති අතර, අනෙකුත් ඉන්ධන කිසිවක මිල සංශෝධනය නොවීම ද විශේෂත්වයකි.

ඒ අනුව නව භූමිතෙල් මිල රුපියල් 183කි.

මෙම මිල සංශෝධනයට සාපේක්ෂව ලංකා IOC සහ සිනොපෙක් සමාගම් ද සිය මිල ගණන් වෙනස් කිරීමට එකඟතාව පලකර ඇත.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles