20 C
Sri Lanka
Friday, January 24, 2025

විනිසුරුවරු කිහිප දෙ‍නෙකුට හදිසි ස්ථාන මාරුවීම්

මහේස්ත්‍රාත්වරු කිහිපදෙනෙකුටස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස මෙතෙක් කටයුතු කළ තිලිණ ගමගේ විනිසුරුවරයා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහෙස්ත්‍රාත්වරයකු පත්කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ ඊයේ (30) අධිකරණ සේවා කොමිසමට ලිඛිතව දැනුම් දී තිබුණි.

ඔහුගේ ස්ථානමාරුවත් සමග පුරප්පාඩු වූ  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනතුරට තනූජා ලක්මාලි විනිසුරුවරිය පත්කර ඇති අතර ඇය මෙතෙක් කොටුව මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළාය.

කොටුව මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ තනූජා ලක්මාලිගේ පුරප්පාඩුවට නිලුපුලී ලංකාපුර විනිසුරුවරිය පත්කර තිබේ.

තවද, මොරටුව දිසා විනිසුරු ලෙස කටයුතු කළ චතුරිකා ද සිල්වා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ලෙස මාරු කර කිරීමට ද අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබේ.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles