20 C
Sri Lanka
Friday, January 24, 2025

පහේ ශිෂ්‍යත්වය ගැටළුවට දුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න…

පසුගිය සැප්තැම්බර් 15 වැනි දා පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ විභාගයට පෙර පිට වූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

ඒ එම පෙත්සම අද අද(31) යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවසථාවේ දී ය.

එහිදී විනිසුරු මඩුල්ල සිය නියෝගය ලබා දෙමින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර ඇත්තේ, විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා මේ වනවිට ඉදිරිපත් කරනු ලැබ තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසුම නිර්දේශයක් තෝරාගෙන එය වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ය.

තව ද ප්‍රශ්නපත්‍රය පිටවීමට සම්බන්ධ බව කියන විභාග දෙපාර්තමේන්තුවේ අයි.ජී.එස්. ප්‍රේමතිලක යන අයට සහ උපකාරක පන්ති ගුරුවරයා වන  චමින්ද කුමාර ඉළඟසිංහ යන අයට පිළිවෙලින් රුපියල් මිලියන තුනක්  සහ රුපියල් මිලියන දෙකක් වශයෙන් රජයට වන්දි ගෙවිය යුතු බවට අධිකරණය තීන්දු කළේය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්නපත්‍රය අවලංගු කර, එම ප්‍රශ්න පත්‍රයසඳහා නැවැත විභාගය පවත්වන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට නියම කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ගොනුකරනු ලැබ තිබුණි.

පසුගිය දෙසැම්බර් 18 වැනි දා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශ්වයන්හි නීතිඥවරුන් තම වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල පෙත්සම් සම්බන්ධව නියෝගය අද දින ලබා දීමට දින නියම කර තිබුණි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles