20 C
Sri Lanka
Friday, January 24, 2025

පොලිස් නිල facebook, TikTok, instagram, X ගිණුම් යළි මුදාගැනේ

ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook, TikTok, instagram, youtube සහ x යන ගිණුම් 2024.12.30 වැනි දා  සවස් කාලයේ සිට සයිබර් ප්‍රහාරයකට ලක්වූ අතර, නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ මේ වනවිට නිල facebook, TikTok, instagram, x  යන ගිණුම් නැවත තම පාලනය යටතට ගෙන ඇති බව ය.

කෙසේ වෙතත් පොලිස් youtube නාලිකාව මෙතෙක් ශ්‍රී ලංකා පොලීසියේ පාලනයට නතුවී නොමැත.

එය යථාතත්ත්වයට පත්කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත්, මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස‍ෙ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවත්, නිවේදනයේ සඳහන් වෙයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles