20 C
Sri Lanka
Friday, January 24, 2025

නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්වෙයි

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරේ.

රියර් අද්මිරාල් කාංචන බානගොඩ සිය සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත.

තවද ඔහු නාවික පුහුණු අධ්‍යක්‍ෂ ලෙස හා ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ආඥාපති, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස ද කටයුතු කර තිබේ.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles