විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ජනවාරි 17 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඊට අදාළ මහජන අදහස් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙන බවයි එම කොමිසම සඳහන් කළේ.
මේ වනවිට එම කොමිසම පළාත් මට්ටමින් මහජන අදහස් ලබා ගනිමින් සිටින අතර, අද (30) ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් මහජන අදහස් ලබාගැනීම සිදු වෙයි. ජනවාරි 03 වැනිදා සිට සෙසු පළාත් ආවරණය කරමින් ජනතා අදහස් ලබාගැනීමට නියමිත ය.
එලෙස ලබා ගන්නා අදහස් මත තම අවසන් නිගමනය ජනවාරි 17 වැනි දා නිකුත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
(ජනක බලල්ල)