20 C
Sri Lanka
Friday, January 24, 2025

ළමුන්ට පාසල් උපකරණ ගන්න රුපියල් 6000ක් අස්වැසුම ගිණුම්වලට

පාසල් අධ්‍යාපනය ලබන, අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා පාසල් පොත්පත් හා උපකරණ  ලබා ගැනීමට එක් ළමයකු සඳහා රු. 6,000.00 ක දීමනාවක් ලබා දීමට රජය කටයුතු කරයි.

එම ප්‍රතිපාදන පසුගිය 27 වැනි දා සිට අස්වැසුම බැංකු ගිණුම් වෙත ලබා දීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද පාසල් ද්‍රව්‍ය ලබා ගැනීමට එක් ළමයකුට රු. 6,000.00 බැගින් වූ දීමනාවක් 2025 වර්ෂයේ දී ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිිිිිරීමට රජය බලාපොරොත්තු වන බව ද වාර්තා වෙයි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles