20 C
Sri Lanka
Friday, January 24, 2025

වන අලි 350ක් මේ වසරේ මිය ගිහින්

2024 වසර තුළ ශ්‍රී ලංකාවේ වනඅලි 350 දෙනෙකු පමණ මියගොස් ඇතැයි, වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක්, එනම් මරණ 70ක් පමණ සිදුව ඇත්තේ වෙඩි තැබීම් වලිනි. විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති වන අලි ගණන 50 දෙනෙකි.

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර, දුම්රියේ ගැටී මියගොස් ඇති වන අලි සංඛ්‍යාව 10කි.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන වන ජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගම්වදින වන අලි පළවා හැරීමේ මෙහෙයුමක් හම්බන්තොට, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති බව ය.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles