18.6 C
Sri Lanka
Friday, January 24, 2025

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගේ සේවය දෙසැ 31න් අවසන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා 2025 ජනවාරි 01 වැනි දා සිට සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශයෙන් වාර්කා වෙයි.

2024   ජූනි මස පළමු වැනි දා විශ්‍රාම ගැනීමට නියමිතව සිටි ශවේන්ද්‍ර සිල්වා හට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලබා දුන් සේවා දිගුවක් නිසා 2024 දෙසැම්බර් 31 දා දක්වා ඔහු තවදුරටත් එම තනතුරෙහි කටයුතු කළේය.

එහෙත් වත්මන් ආණ්ඩුව ඔහු තවදුරටත් එම තනතුරෙහි තබා ගන්නේ ද යන්න පිළිබඳ තීරණයක්  ගෙන නොමැති නිසා ඔහු දෙසැම්බර් 31න් ඔහුගේ සේවා කාලය අවසන් වනු ඇති.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles