මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන අවසන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සූදානම් කර ඇති අතර, ඉදිරි නඩු වාරයේ දී ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බව ය.
(ජනක බලල්ල)