දකුණු කොරියාවේ මු-ආන් ගුවන් තොටුපොළේ දී ගුවන් යානයක් අනතුරට ලක්වී, මගීන් 151ක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෙජු එයාර් සමාගමට අයත් මෙම ගුවන් යානය ගොඩබැස්වීමට යෑමේ දී ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
තායිලන්තයේ බැංකොක් නුවරින් ආරම්භ කර තිබුණු යානය මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු සමග පියාසර කර ඇත.
අනතුරෙන් දිවි ගැලවී ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු පමණක් බව ද වාර්තා වෙයි.
යානය ගොඩබස්සන අවස්ථාව වනවිට අයහපත් කාලගුණය තත්ත්වයක් පැවැති බවත්, කුරුල්ලන් යානයේ ගැටීමෙන් අනතුර සිදුවුණු බවත් දැනට ලැබී ඇති තොරතුරු මත වාර්තා කරයි.
(ජනක බලල්ල)