20 C
Sri Lanka
Friday, January 24, 2025

නවසීලන්තයේ පැවැත්වෙන 20-20 පළමු තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද  Mount Maunganui හිදී  (28) පැවැත්වේ.

මෙම දිවා රාත්‍රී තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.45ට ආරම්භවීමට නියමිත ය.

2006 වසරේ දී දෙරට අතර විස්සයි20 තරග ආරම්භ වූ අතර, ඉන් අද පැවැත්වෙන්නේ 26වන තරගය වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නවසීලන්තයේ දී විස්සයි20 තරග 8ක් ක්‍රීඩාකර ඇති අතර, ඉන් මේ දක්වා ජයගෙන ඇත්තේ එක් තරගයක් වීම ද විශේෂත්වයකි.

මේ දක්වා පැැති තරග අතරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 8ක් පමණක් වන අතර, තරග 14ක්ම ඔවුන් නවසීලන්තය හමුවේ පරාජය වී තිබේ.

මේ අතර අද තරගයට අදාළ සියලු ප්‍රවේශපත් අලෙවී අවසන් බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

මේ හේතුවෙන් අමතර ප්‍රවේශපත්‍ර 500ක් නිකුත්කර ඇති අතර, එයද මේ වනවිට අලෙවි වී තිබේ.

ක්‍රීඩාලෝලීන් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි  Mount Maunganui  ක්‍රීඩාංගණයේ මේ වනවිට සියලු ප්‍රවේශ පත් අළෙවි වී අවසන් බව ද වාර්තා වෙයි.

නවසීලන්ත ක්‍රිකට් වැඩිදුරටත් දන්වා සිටියේ දෙරට අතර ජනවාරි 2වැනි දා නෙල්සන්හි දී පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් සියල්ල ද මේ වනවිට අලෙවි අවසන් වී ඇතැයි වාර්තා
 වෙයි.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles