20 C
Sri Lanka
Friday, January 24, 2025

රාජ්‍ය ආයතන 16ක ගෙවීම් ඩිජිටල් වෙයි

රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් ඩිජිටල්කරණය කෙරෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.  

ඒ් සඳහා  GOVPAY නම් නව යෙදුම හඳුන්වා දෙන අතර, නෝට්ටු මගින් සිදුකරන ගැවීම් මගින් සිදුවිය හැකි වංචා හා දූෂණ පාලනයත්, ගෙවීම්වල කාර්යක්ෂමතාව වැඩිකිරීමත් අපේක්ෂා කෙරේ.

වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% – 1.5% ක් පමණ ප්‍රමාණයක් නෝට්ටු භාවිතයෙන් සිදු කෙරෙන බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ එයින් සිදුවන බොහෝ ගැටළු මෙම  GOVPAY ඩිජිටල් යෙදුම මගින් අවම කරගත හැකි බව ය.

යෙදුම සඳහා රාජ්‍ය ආයතන 16 ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බවත්, ජනවාරි මාසයේ දී අනෙකුත් රාජ්‍ය ආයතන ද එම යෙදුමට සම්බන්ධ කිරීමට නියමිත බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් පැවැසීය.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles