20 C
Sri Lanka
Friday, January 24, 2025

මනූෂගෙ සොයුරා CID අත්අඩංගුවට | භාග්‍ය ගන්නත් පරීක්ෂණ

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර බිබිල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය යොදා ගනිමින් සිදුකර ඇති බව කියන මිනිස් ජාවාරම් පිළිබඳ සිදු කෙරෙනෙ විමර්ශනයකට අනුව ඔහු අත්තඅඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

තවද, ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබා දෙන බවට අයථා ලෙස මුදල් උපයා ඇති බව කියන හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරණ ලේකම්වරයකු ලෙස සිටි භාග්‍ය කාරියවසම් නමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බව ද වාර්තා වේ.

මේ අතර මනූෂගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකුව සිටි දේශප්‍රිය ලියනගේ නැමැත්තාද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධව සිටි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග පවසයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles