20.7 C
Sri Lanka
Friday, January 24, 2025

ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සේවා කාලය දෙසැම්බර් 31න් අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන ත්‍රිවිධ හමුදාවේ වර්තමාන හමුදාපතිවරුන්ගේ සේවා කාලය 2024 දෙසැම්බර් 31දා අවසන් වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ වනවිටත් අදාළ හමුදාපතිවරු සේවා දිගු මගින් තනතුරුවල රැඳී සිටින බවත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එසේ ලබා දුන් සේවා දිගුවක් මත රැඳී සිටින බවත් හෙළි වී ඇත.

මේ නිසා තවදුරටත් එම ආරක්ෂක ප්‍රධානීන් වෙත සේවා දිගු ලබා දෙන්නේ ද විශ්‍රාම ගන්වන්නේ ද යන්න පිළිබඳව රජය මෙතෙක් තීරණයක් ගෙන නැති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles