20 C
Sri Lanka
Friday, January 24, 2025

“සමගි බලය අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ වෙනවා” – ලලිත් එල්ලාවල

සමගි ජන බලවේගය තව ටික කලක් යනවිට අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ වන බව කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.

එම නිසා තමා සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉවත් වන අතර, තම දේශපාලන ගමනට තිත තබන බව ද ලලිත් එල්ලාවල අවධාරණය කරයි.

අද (27) පානදුරේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ අදහස් පලකළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටි ඔහු ලසුගිය ඡන්දයේ දී සමගි ජය බලවේගය සමග අත්වැල් බැඳගත්තේ පොහොට්ටුවේ දේශපාලනය තුළින් පාර්ලිමේන්තුවට පිවිසීමේ හැකියාවක් නොලැබෙන බව දැනගැනීමත් සමගය.


මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා…

“අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි සජබය ඇතුළේ තියෙන්නේ. සමගි ජන බලවේගය කියලා කිව්වට මේක ඇතුළේ කිසිම සමගියක් නැහැ. මහා ඒකාධිපති පාලනයක් තියෙන්නේ. වැඩක් කරන්න කැමති කෙනෙකුට මෙතන වැඩක් කරන්න ඉඩ දෙන්නේ නැහැ.”

“උදාහරණයකට ගන්න ලේකම්තුමා… ලේකම්ගේ නම විතරක් ජාතික ලැයිස්තුවට නම් කරලා යැව්වා.”

(ජනක බලල්ල)

More news>>>

Latest Articles