2004 වර්ෂයේ දී මිනිස් ජීවිත 35,000කට වැඩි ගණනකට ජීවිත අහිමි කරමින් හා තවත් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් කරමින් සිදු වූ සුනාමි ව්‍යසනයට අදට (26) වසර 20ක් සපිරෙයි.
මෙම ඛේදවාචකය සිහිපත් කිරීමට 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වැනි දා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කිරීමට රජය කටයුතු කර තිබේ.
මෙවර “ජාතික සුරක්ෂිතතා දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑළිය සුනාමි ස්මාරකය” අභියස දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වේ.
(ජනක බලල්ල)