20 C
Sri Lanka
Friday, January 24, 2025

ජාතික රූපවාහිනියේ නව සභාපති ගිහාන් ද සිල්වා වැඩ අල්ලයි

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා අද (26) පෙරවරුවේ රූපවාහිනී කාර්යාලයේදී වැඩ බාරගෙන ඇත.

ගිහාන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයේ අදිශිෂ්‍යයකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ අයෙකි. එමෙන්ම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් ඩිප්ලෝමාධාරියෙකි.

ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තීකයෙකි. ඔහු අලෙවිකරණය, උපාය මාර්ගික සැලසුම්කරණය සහ කළමනාකාරිත්වය යන ක්ෂේත්‍රයන්හි හැකියාවන් පෙන්වා ඇති අතර ඒ තුළින් බලපෑම්කාරී සන්නාම බිහි කිරීම පිළිබඳ ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන ඇත.

ඔහු සිය වෘත්තීය සාර්ථකත්වයට අමතරව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවනු ලැබූ, ජාතික සංවර්ධන සහ තිරසර භාවය සඳහා වන නව රජයේ ප්‍රමුඛතම වැඩපිළිවෙලක් වූ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේද සාමාජිකයෙකි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles