ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය ආහාර හිඟකම උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ලබන වසරේ දී ලෝක ජනගහනයෙන් මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර, ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණක් බවය.
එම සංවිධානය අනතුරු අඟවන්නේ 2025 වසරේ දී ලෝක ජනගහනයෙන් මිලියන 117ක පිරිසකට මානුෂිය ආධාර නොලැබෙනු ඇති බවට ය.
මානූෂීය ආධාර අවශ්‍ය පිරිස වෙනුවෙන් මේ වසර සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු ගතකර තිබුණේ ඩොලර් බිලියන 49.6ක් ලෙස වුවත්, ඔවුන්ට ඉන් සපයා ගත හැකි වී ඇත්තේ සියයට 46ක් පමණක් බව ද ඔවුන් පෙන්වා දෙයි.
(ජනක බලල්ල)