20.7 C
Sri Lanka
Friday, January 24, 2025

පොහොට්ටු ගුරු සංගමයේ සභාපතිනී හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබේ.

එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටින අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කර තිබුණු බවත්, දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඇය මියගොස් ඇති බවත්, වාර්තා වෙයි.

පසුගිය 2022 මැයි මස 09 වැනි දා ගාලු මුවදොර අරගල භූමියට කඩා වැදී ආණ්ඩුවේ මැර පිරිස් කළ පහර දීමෙන් පසු එල්ල වූ ප්‍රති ප්‍රහාරවලට වසන්තා හඳපාන්ගොඩ හසු වී තිබුණු අතර, ඒත් සමග ඇය පිළිබඳ සමාජයේ විශාල කතා බහක් ඇතිව තිබුණි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles