අසිරිමත් නත්තල අදයි (25)
සාමයේ පණිවිඩය රැගෙන දේව පුත්‍ර ජේසු තුමන් මරියා තුමියගේ කුසින් මෙලොව දුටුවේ බෙත්ලෙහෙම කුඩා ගවමඩුවක දී ය.
ජේසු තුමන් උපන් බෙත්ලෙහෙම් නගරයේ මෙවර ද තන්තල් සැමරීමක් සිදුනොවන අතර, බෙත්ලෙහෙම් නගරාධිපතිවරයා පවසන්නේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින් මෙලෙස සැමරුම් අත්හිටුවා ඇති බව ය.
2023 එක්තෝම්බර් 7 වැනි දා සිදු වූ හමාස් ප්‍රහාරයෙන් පසුව බෙත්ලෙහෙම නගරය මෙලෙස හුදකලා වී ඇති බව පැවසේ.
නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වෙන අතර, නත්තල උදාවු ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරුවලද දේව මෙහෙයන් පැවැත්විය.
මෙවර මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 11:40 සිට ජා ඇළ වික්ෂෝප දේව මාතා දේවස්ථානයේ දී පැවැත්වීය.
සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලු දෙනා වගබලා ගත යුතු බව ය.
(ජනක බලල්ල)