නව ආණ්ඩුව විසින් සංශෝධනය කරන ලද අස්වැසුම සමාජ සුභසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමිවන වෙනස් වන ආකාරය ගැසට් කර තිබේ.
ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500ක දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ නංවා තිබෙන අතර, අන්ත දිළිඳු පවුල් සඳහා ලබා දුන් රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමටද රජය පියවර ගෙන තිබේ.
සුබසාධක ප්‍රතිලාභ ලබන සමාජ කාණ්ඩ අතරේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ සහ අන්ත දිළිඳු තැනැත්තන් පවුල් 480,000ක් සඳහා පිළිවෙලින් රුපියල් 5,000 සහ 17,00ක මාසික සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් ගෙවන බව ද ගැටස් නිවේදනයේ සඳහන් වෙයි. සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය ද 2025.03.31 දක්වා දීර්ඝ කර ඇත.
දුප්පත් පවුල් 960,000ක් සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ දීමනාව රුපියල් 10,000කි.
ඒ අනුව 2024 මැයි මස 17 වැනි දිනැතිව නිකුත් කරන ලද අස්වැසුම සුභසාධක ගෙවීමේ යෝජනා ක්‍රමය අවලංගු වනු ඇත.
(නායක බණ්ඩාර)