20 C
Sri Lanka
Friday, January 24, 2025

වගා හානි පූර්ණ වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්‌ම ක්ෂේත්‍රයට සිදු වූ හානි සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහජනතාවට මුහුණ පෑමට සිදු වූ හානි සළකා බලා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් දින කිහිපයක කාලයක් තුළ දත්ත එක්කරන ලදී.

එම දත්තවලට අනුව 2024-12-02 දින වනවිට දිවයින පුරා දළ වශයෙන් කුඹුරු අක්කර 91,300ක් පමණ පුර්ණ හානියට පත් වී ඇති බවත්, කුඹුරු අක්කර 86,225ක් පමණ අර්ධ හානියට ලක්ව ඇති බවත් රජයට වාර්තා වී ඇත.

පවතින වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හොක්ටයාර 02ක් (අක්කර 05ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක් හා හානි පූරණය ද, එසේම බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූණු සහ සෝයා බෝංචි යන බෝග වර්ග 05 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාර 01ක් (අක්කර 2.5ක්) දක්වා අක්කරයකට උපරිම වශයෙන් රුපියල් 40,000ක හානි පුරණයක්ද, 2025 වර්ෂය සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත වෙන් කරන ප්‍රතිපාදනවලින් ලබා දීමට ඉදිරියේ දී කටයුතු සිදුකරන බව සඳහන් කරමින්  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග ඇමැති ලාල්කාන්ත විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන මෙම තීරණ ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්වේ.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles